සි E



වෙසක් පහන් කූඩු තරගාවලිය 2026 අයදුම්පත

ඔබේ ගැටළු කැළණිය ප්‍රාදේශීය සභාවේ "Whatsapp" අංකය වෙත ලබා දෙන්න. 0761344241 ක්ෂණික අංකය 0112918255 / 0112914110


අන්තර්ජාල ගෙවීම්

online-payment-ad



දැක්ම
පිවිතුරු පරිසරයකින් දැකුම්කළු සමෘධිමත් නගරයක්
මෙහෙවර ප්‍රකාශය

වර්ග සැතපුම් 21.9 ක බිම් ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වූ කැලණිය ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය හා සැප පහසුව පිණිස මහජන සෞඛ්‍ය පොදු මංමාවත් උපයෝගිතා සේවා පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් නිලධාරීන් හා ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් බදු ගෙවන ජනතාවට සභාව සතු සිමිත සම්පත් වලින් උපරිම සේවාවක් සැලසීම අපගේ මෙහෙවර වන්නේය !

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ඓතිහාසිකත්වය

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද්දා වූ ඓතිහාසික කැලණි පුණ්‍ය භූමියෙහි අතීතය ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසටත් එපිට විහිදෙයි. බුදුන් කල මෙම ප‍්‍රදේශය පාලනය කරන ලද චූලෝදර හා මහෝදර යන නාග ගෝත‍්‍රිකයින් දෙපළ අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ සටන සංසිඳවීම පිණිස මණිඅක්ඛිත නාගරජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණිය පිං බිමට වැඩම කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.


© 2024 කැලණිය ප්‍රාදේශීය සභාව අවසන්වරට යාවත්කාලින කලේ: 2025-02-21 @11.00 පෙ.ව. සියලු හිමිකම් ඇවිරිණි.