- මෙම ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා වරිපනම් ගෙවීම සදහා පමණක් වලංගු වේ.
 
                                                                                - සෑම වර්ෂයකම ජනවාරි 31, අප්‍රේල් 30, ජුලි  31, ඔක්තෝම්බර් 31 යන දිනවල කාර්තුවකට පමණක් ගෙවීම් කිරීමේදී ඔබට හිමිවන 5% වට්ටම ලබා ගැනීම සදහා එම දිනවල ප.ව 03.00ට  පෙර ගෙවීම් කල යුතුය.
 
                                                                                - නියමිත වර්ෂයට අදාල වරිපනම් මුදල ජනවාරි 31 දිනට පෙර සම්පුර්ණයෙන්ම ගෙවීමේ දී 10% වට්ටමක් හිමි වේ.
 
                                                                                - අදාල වට්ටම් ලබා ගැනීම සදහා ගෙවිය යුතු මුදල් තීරුවේ පෙන්වන සම්පුර්ණ මුදලම ගෙවිය යුතුය.(ශත ගණන ද ඇතුළුව )
 
                                                                                - මෙම ගෙවීම සම්පුර්ණ කිරීමට බැංකුව හා සම්බන්ධ වීමට අවශ්‍ය වේ.
 
                                                                                - එහිදී ඔබගේ බැංකුව විසින් ලබා දී ඇති කාඩ්පත මගින් (Credit/Debit) ඔබට මේ සදහා
                                                                                    ගෙවීම සිදු කල හැකිය.
 
                                        
                                                                                - කාඩ්පත් විස්තර ඇතුලත් කිරිම
                                                                                    
                                                                                        - මුලින්ම ඔබගේ කාඩ්පත් වර්ගය තෝරා අංක 16 කින් යුතු කාඩ්පත් අංකය
                                                                                            ඊටඇතුලත් කල යුතුය.
 
                                                                                        - ඉන්පසු පිලිවෙලින් කල් ඉකුත් වීමේ දිනය, නම හා කාඩ්පත පිටුපස ඇති අංක 3
                                                                                            කින් යුතු රහස්‍ය අංකය ඊට ඇතුලත් කර ගෙවීම සම්පුර්ණ කල යුතුය.
 
                                                                                    
                                                                                 
                                                                                - ඉන්පසු ඔබගේ දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුලත් කර ගෙවීම තහවුරු කල යුතුය.
                                                                                
 
                                                                                - ඔබ විසින් ගෙවීම් සිදුකිරීමේ දී නිවැරදි වරිපනම් අංකය තෝරා ගැනීම ඔබගේ වගකීම වන අතර වෙනත් අංකයකට ගෙවීම් කර ඇත්නම් එහි වගකීම කැලණිය ප්‍රාදේශිය සභාව සතු නොවන බව සැලකිය යුතුය.
 
                                                                                - සෑම  දිනකම ඔබ විසින් ගෙවනු ලබන මුදල්  අදාල ගිණුමට බැර කරනු ලබන්නේ පසු දිනයේ දී ය.